මෙම වසරට අදාළ උසස් පෙළ විභාගයේ කාලසටහන අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැත්වෙන අතර එහි කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතයි.
මේ අතර උසස් පෙළ විභාගයට අලුතින් අයදුම් කරන විභාග අපේක්ෂකයන් සදහා අද සිට දින 4 ක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර එය ලබන 10 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා එහිදී සඳහන් කළා.

