මෙලෙස අදට යෙදී ඇති ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා එමඟින් කියා සිටියේ පවත්නා අභියෝගයන්ට නොසැළී මුහුණදෙමින් දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට වෙහෙසෙන සමස්ත ගුරු පරපුරට ජාත්‍යන්තර ගුරු දිනය උපහාරයක්ම වේවායි යන්න ප්‍රාර්ථනා කරන බවයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඇගයීමේ උළෙලක් අද (06) පෙවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
විෂයභාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය නම් කර ඇත්තේ ගුරු ප්‍රතිභා 2023 ලෙසයි.

