Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය පාසල්වල සිසුන්ට ශිෂ්‍යත්ව විභාගය තහනම් කිරීමට සැරසෙයි

3 years ago

ජනප්‍රිය පාසල්වල සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම වළක්වාලීම කෙරෙහි ජාතික අධ්‍යාපන ආයතනය අවධානය යොමු කර තිබේ.

මෙම විභාගය සඳහා පවතින අනවශ්‍ය තරගය අවම කිරීම මෙහි අරමුණ වී ඇත.

ජනප්‍රිය පාසල්වල සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව සඳහන් චක්‍රලේඛයක් පවතින අතර එම චක්‍රලේඛය බලාත්මක කිරීම මගින් ඉහත අරමුණු ඉටු කර ගත හැකි බව මේ සම්බන්ධයෙන් එම ආයතනයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම පාසල්වල සිසුන් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත වෙනත් පාසල්වලට ඇතුළත් නොවන හෙයින් ඔවුන් විභාගයට පෙනී සිටීම වැළැක්වීමෙන් කිසිදු අසාධාරණයක් නොවන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

විභාගයේ මූලික අරමුණු අඩු ආදායම්ලාභීන්ට ශිෂ්‍යාධාර පිරිනැමීම වන හෙයින් ජනප්‍රිය පාසල්වල අඩු ආදායම්ලාභී දරුවන් පළමු ශ්‍රේණියේ සිටම හඳුනා ගැනීම සඳහා වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන්ට වෙනම ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි බවත් කී හෙතෙම අවශ්‍ය නම් ඔවුන්ට පමණක් විභාගයට පෙනී සිටීමට ඉඩ දිය හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.