Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විභාග නියමිත කාලයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට නීතියක්

3 years ago

විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියක් ගෙන ඒම සඳහා කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ එලෙස විභාග පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ පසු එය දරුවන්ට විභාග වලට සූදානම් වීමට පහසුවක් වනු ඇති බවයි.

විභාග පවත්වන දිනය නීතියකින් නිශ්චිත කිරීමේදී දේශපාලන අධිකාරියට හෝ වෙනත් කිසිවකුට එය වෙනස් කිරීමට නොහැකි වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ

මේ අතර, අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ සිට නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ දැනට තීරණය කර තිබෙන ආකාරයට මේ වසරේ විභාග පැවැත්වීම පිළිබඳව මෙන්ම 2024 වසරේ විභාගද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කළ යුතු බවයි.

ඒ අනුව, 2025 වසරේ සිට නියමිත අයුරින් දරුවන්ට බරක් නොවන පරිදි විභාග පැවැත්වීමව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළා.

මෑතදිනකදී අධ්‍යාපන විශේෂඥයන් විසින්ද ජනපතිවරයා අමතමින් මෙරට විභාග කල් යෑමෙන් දරු පරපුරට විදේශ විශ්ව විද්‍යාල මඟින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමිවීම, නිකරුනේ වයස් සීමා ගත වී යෑම ඇතුළු අහිතකර ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවන බව දැනුම් දී තිබුණා.