Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූ කම්පනයක්! 2000කට අධික පිරිසක් මියයයි!

3 years ago

බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා.

එම ප්‍රබල භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කර තිබේ.

දශක දෙකකට පසුව ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බව ද වාර්තා වේ.

සුන්බුන් අතර විශාල පිරිසක් මේ වනවිටත් සිරවී සිටින බව ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඒ හේතුවෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

රට තුළ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ වී ඇති අතර මහාමාර්ග ද අවහිර වී ඇති බැවින් මුදාගැනීමේ මෙහෙයුම් ද ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.