ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) මඩකලපුව, චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවය අමතමින්, මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වලට තම රුව යොදා ගැනීමෙන් වළකින ලෙස දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියා.
එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් යොදා ගත යුතු යැයි ඉල්ලා සිටියා.
මේ සඳහා සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

