Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොල්ලුපිටියේදී මාරක අනතුරට මුහුණ දුන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරට රාජකාරි නිවාඩු ලබාදීමට තීරණයක්

3 years ago

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී (06) සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.

එම මාරාන්තික අනතුරට මුහුණදුන් බස් රථයේ රියදුරුට සහ රිය සහයකට සතියක රාජකාරී නිවාඩුවක් ලබාදීමට තීරණය කළ බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් රියදුරුට සහ රිය සහයක ආතතියකින් පසුවන බැවින් එම තීරණය ගත් බවද ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.