Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවිවාහක 18 හැවිරිදි තරුණියක් නිවසේදී දරුවෙකු ප්‍රසූත කර වතුර බේසමකට දමයි! රෝහලේදී සිදු වූ සියල්ල හෙළිවෙයි!

3 years ago

18 හැවිරිදි අවිවාහක තරුණියක් ඊයේ (07) සිය නිවෙසේදී දරුවකු ප්‍රසූත කර පසුව එම දරුවා නාන බේසමකට දමා ඇය රෝහලට ඇතුළත්ව තිබෙනවා.

මෙම තරුණිය උඩුගම, හෝදොළවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය උදරාබාධයක් යැයි පවසමින් ඇතුළත්ව ඇත්තේ ගාල්ල, උඩුගම රෝහලටයි. එම රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම තරුණිය පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ ඇය දරුවකු ප්‍රසූත කර ඇති බවයි.

පසුව රෝහලේ පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ඇයගේ නිවෙසට ගොස් සෝදිසි කිරීමේදී සොයා ගෙන ඇත්තේ දරුවා නාන බේසමක දමා ඇති බවයි.

පවුල් සෞඛ්‍ය සේවිකාව දරුවා රෝහලට රැගෙන ආව ද ඒ වන විටත් දරුවා මිය ගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවා.