ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා පිලට දඩ මුදලක් පැනවීමට තරඟ තීරක වරයා තීරණය කර ඇත.
ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට දහයක දඩයක් පනවා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට නියමිත කාල සීමාවේදී පන්දු වාර දෙකක් අඩුවෙන් සම්පූර්ණ කිරීම මෙම දඩය පැනවීමට හේතුවයි.
දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ මුහුණ දුන් පළමු තරගයයි.

