පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදා සෙබළෙක් හුංගා මත්ස්‍යයෙකුගේ විෂ ශරීර ගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙම නාවික හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී මිතුරෙකු සමඟ එළබටු වැවට දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.
ඔහු දිය නෑමට වැව බැස ඇති අවස්ථාවේ විෂකටු සහිත හුංගා මත්ස්‍යයෙක් පෑගී ඇති අතර පසුව වේදනාවෙන් පසුවෙද්දී මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.

