Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝග රැසක් පැතිරීමේ අවදානමක්! වැළකීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවට දැනුම්දීමක්!

3 years ago

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් නටවා නිවාගත් ජලය පානය කිරීමට ඉතා සුදුසු බවය.

පළාවර්ග, අමු එළවළු, පලතුරු, ආදිය ආහාරයට ගැනීමේ දී ද සැලකිලිමත් විය යුතු බව වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේය.

ඔහු පැසුවේ ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැලඳිය හැකි බවය.

මේ අතර ආරක්ෂිත කඳවුරුවලට සිටින පිරිස් අතර පැපොල, ඇස් ලෙඩ, ශ්වසන රෝග ආදී රෝග පැතිරිය හැකි බැවින් රෝග ලක්ෂණ මතු වූ වහා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසුරිය මහතා අවධාරණය කළේය.