Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද තරගයට සහභාගී වන ශ්‍රී ලංක කණ්ඩායම පිළිබඳ ලැබෙන අලුත්ම ආරංචිය

3 years ago

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව හෙට තරග බිමට පිවිසීමට නියමිතය.

හෙට (10) පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්,

“මම හිතනවා තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කරයි කියලා. වෛද්‍ය උපදෙස්වලට පිටුපාලා අපිට පළමු තරගයේදී ඔහු සම්බන්ධයෙන් අවදානමක් ගන්න ඕන වුණේ නැහැ. හෙට තරගයට ඔහු ක්‍රීඩා කරයි කියලා හිතනවා.”

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින ලෝක කුසලාන තරග බිමේ අවස්ථා 8කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් අවස්ථා හතකදීම පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තානය අතර තරගය පමණක් වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වුණි.