විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වද සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.
ඔහු වැඩිදුරත් සඳහන් කළේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කර ඇති අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාර අරාක්ෂිත ස්ථාන බවට පත් කිරීමට පියවර ගන්නා බවයි.
නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අලුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මේ තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
ඔහු පැවසුවේ, ඒ සඳහා විශ්වවිද්‍යාල විනායාරක්ෂක නිලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයින් යොදවන බවයි.

