සිය අනියම් බිරිඳට අතින්, පයින් සහ කොස්සකින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ පයාගල, හල්කඳවිල,සිංහගම ප්‍රදේශයේ පදිංචි වර්ණසූරිය නෙවිල් ප්‍රනාන්දු නොහොත් රම්බෝ නමැති විත්තිකරුවෙකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න විසින් අද (11) මරණ දඩුවම නියම කලේය .
පයාගල, හල්කඳවිල, සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නැමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී, ඔසවා පොලවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව නගා ඇති චෝදනා අධිකරණයේදී අණාවරණය විය.
මරණකාරිය සහ සැකකරු එකට එක්ව පවුල් ජීවිතයක් ගතකරමින් සිටියදී ඇතිවූ සැකයක් හේතුවෙන් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

