ලබන වසරේදී පාසල් නිවාඩු කාලය අඩු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.
අතපසු වූ සියලු විෂය ආවරණ කටයුතු 2024 වසර තුළ සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බැවින් මෙසේ නිවාඩු කාලය අඩුකිරීමට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
උසස් පෙළ විභාගය පැවතුණද ලබන ජනවාරිවල පාසල් ප්‍රාථමික පන්ති පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව විභාගය සමතුන් ඇගැයීමේ උත්සවයකට එක්වෙමින් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මේ බව කීය.

