මෙරට සියලුම පාසල් පද්ධතිය තුළ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරිමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිග වැටුප් ගෙවීම සදහා එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ මුලතිව් මල්ලාවි විද්‍යාලයේ කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගි වෙමින්.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා අධ්‍යාපන ගැටලුවලදි උද්ඝෝෂණ හා විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසදීම වඩාත් සුදුසු බවද සඳහන් කර සිටියා.
