ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවට තොරතුරු වාර්තා වේ.
පසුගියදා පාකිස්ථානය සමග පැවැති තරගයේදි වේගවත් ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් මස්පිඩු පෙරළීම සහ හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළීම හේතුවෙන් වහාම රෝහල් ගත කෙරිණි.
කෙසේ වෙතත් මේ වන විට කුසල් මෙන්ඩිස් සුවය ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගයට සහභාගි වනු ඇත.

