Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අප්පච්චි මිනිස්සුන්ගේ ජීවිත අයිතිය උඳුරගත් තේ නෑ. අප්පච්චි දවස් 458ක් හුස්ම ගත්තේ අපි දුන්න යන්ත්‍රයකින් – සජිත ඇන්තනී

3 years ago

අභාවප්‍රාප්ත මහාරංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවාණන්ගේ අවසන් කටයුතු අද(12) පස්වරුවේ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදු කළා.

ඒ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක රසික සමුහයකගේ සෝසුසුම් මධ්‍යයේයි.

අද දින ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමංග්‍ය සභාවේ ස්තූති කතාව සිදුකරමින් ඔහුගේ කණිටු පුත් සජිත ඇන්තනී සදහන් කළේ.

“දින 458ක් තිස්සේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතියක් උල්ලංඝණය කරමින් අපේ අප්පච්චි රෝහල් ගත වෙලා හිටියේ නෑ! අපේ පවුලේ අය එකතු වෙලා ජාතික රෝහලට පරිත්‍යාග කරපු Ventilator යන්ත්‍රයක හුස්ම ගනිමින් තමයි හිටියේ, දැන් ඒ යන්ත්‍රයෙන් තව අවුරුදු 10,15ක් යනකල් හුස්ම හොයන මිනිස්සු ජීවත් වෙයි මේ දක්වා ඒ ගැන නොකියා හිටියේ පින් කරලා අඬබෙර ගහන්න අවශ්‍ය නැති නිසා සහ අප්පච්චි එහෙම වැඩ වලට අකමැති නිසා” ලෙසයි.