සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය 2018 වසරේදී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලුම දෙනාට පත්වීම් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාවය පළ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සදහන් කරයි.
2018 වසරේ හෙද පුහුණුව සඳහා 2518 ක සිසු පිරිසක් බඳවා ගෙන පුහුණුව ලබාදුන් නමුත් ඒ වනවිට රටේ පැවති මූල්‍ය අස්ථාවරත්වය නිසා මෙයින් 1000කට පමණක් පත්වීම් ලබා දීමට මහා භාණ්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කල බවද සදහන් කරයි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මත 2018දී පුහුණුවට බඳවා ගත් පුහුණුලාභීන් සියලු දෙනාටම පත්වීම් ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

