Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ලෝකයෙ සංවේදී කළ තවත් සිදුවීමක්! දස මස් හැවිරිදි නිවුන් බිළිඳුන්ගේ දිවි බේරා ජීවිතය පූජා කළ මව්පිය යුවළක්!

3 years ago

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද සිදුවූ තවත් සංවේදී සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මෙලෙස සුවිශේෂී අවධානයක් යොමුව ඇත්තේ මාස 10ක වයසැති නිවුන් බිළිඳුන් වෙතයි. යුද ගැටුම් හේතුවෙන් මියගිය නිරායුධ මිනිසුන් අතරට මෙම බිළිඳුන් දෙදෙනාගේ මව්පියන්ද වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් සටන්කාමීන් බිහිසුණු ප්‍රහාරය එල්ලකරද්දී මෙම බිළිඳුන් සිය මව්පියන් සමග රැඳී සිටි නිවසටද ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

එහිදී හමාස් සටන්කාමීන් විසින් නිවසේ ඉදිරිපස දොර කඩාදැමීමට උත්සාහ ගන්නා මොහොතේ බිළිඳුන්ගේ මව සහ පියා වහාම ක්‍රියාත්මක වී ඇති අතර ඔවුන් බිළිඳුන් දෙදෙනා නිවසේ රහසිගත ස්ථානයක සැඟවීමට පියවර ගෙන තිබෙනවා.

අනතුරුව එක්වරම නිවසට පිවිසි හමාස් සටන්කාමීන් අතින් මව්පියන් දෙදෙනා මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.