Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට දැනුම්දීමක්

3 years ago

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,888කදී හෙට (15) පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයන් 337,956ක් පෙනී සිටින අතර, ඉන් 252,534ක් සිංහල මාධ්‍යයෙන් සහ 85,422ක් දෙමළ මාධ්‍යයෙන් පෙනීමට නියමිතයි.

පවතින වර්ෂාව හේතුවෙන් විභාග දිනයේදී තම විභාග මධ්‍යස්ථානයට කිසියම් දරුවකුට යෑමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් වහාම 117 දුරකතනය අංකය අමතන ලෙසත්, එහිදී උපකාර කිරීමට ආපදා කළමනාකරණ නිලධාරීන් සූදානමින් සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.