Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් තුනක් හෙට වසා දැමීමට තීරණයක්

3 years ago

පාසල් තුනක් වසා දැමීමට තීරණයක්

පවතින අධික වර්ෂාවත් සමග හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මේ වන විට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙන් මීරියබැද්ද, මකල්දෙණිය සහ ආර්නෝල්ඩ් යන පාසල් තුන හෙට(16) දින වසා තැබීමට පියවර ගත් බව හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය කීවාය.

කෙසේ වෙතත් එම පාසල්වල අඩු සිසුන් පිරිසක් සිටින බැවින් ආසන්න වෙනත් පාසල් වලට එම සිසුන් කැඳවා හෙට දින ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද වැඩි දුරටත් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය සඳහන් කළා.

ආපදා කඳවුරු ක්‍රියාත්මක පාසල්වල ද ඉගැන්වීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂතුමිය තව දුරටත් සඳහන් කළාය.