ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට සහය පළ කරමින් පළකළ අදහස් හේතුවෙන් වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක වූ මියා ඛලීෆාට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
ඇය X සමාජ ජාලයේ (පෙර Twitter) පළ කළ අදහස් හේතුවෙන් ඇය සමග ගනුදෙනු කළ ආයතන රැසක් එම ගනුදෙනු නතර කිරීමට ද තීරණය කර ඇත.
ඇමෙරිකානු – ලෙබනන් ජාතික වැඩිහිටි චිත්‍රපට තාරකාවක වූ ඇය පළ කළ අදහසක දැක්වුණේ: “ඔබ පලස්තීනයේ තත්ත්වය දැක දැකත්, ඔබ සිටින්නේ පලස්තීනය පැත්තේ නොවේ නම් ඔබ සිටින්නේ වැරදි පැත්තේ යි,” යනුවෙනි.
ඇය පළ කළ තවත් අදහස් කිහිපයක් හරහා ඇය පලස්තීනයට සහාය පළකර තිබිණි.
මෙම අදහස් පළ කිරීම්වලට විරෝධය පළ කරමින් Playboy සඟරාව ඇතුළු තවත් ආයතන ඇය සමග ගනුදෙනු කිරීම නැවතීමට තීරණය කළ බව නිවේදනය කර තිබේ.
මේ අතර, මියා ඛලීෆාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ද විරෝධතා පළ වී තිබුණි.

