Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

vaccination

එන්නතක් විඳීමෙන් පසු පුංචි මල් කැකුළකට අත් පා සෙලවීමට නොහැකි වෙයි

3 years ago

එන්නතක් විදීමෙන් පසු දියණියකට අත් පා සෙලවීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවට වාර්තා වනවා.

අදාළ සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු දෙකහමාරක ඇල්පිටිය ප්‍රදේශයෙන් පදිංචි දැරියක්.

ඇගේ දෙමාපියන් පවසන්නේ ඇයට වයස මාස 9දී පමණ ලබා දුන් සරම්ප එන්නතින් පසුව මෙලෙස අත් පා සෙලවීමට නොහැකි වූ බවයි.

කෙසේවෙතත් මෙම එන්නත ලබාදුන් පසු දරුවන් ලක්ෂ 4කින් එක් දරුවෙකුට මෙවැනි ආබාධ මතුවීමේ සම්භාවිතාවක් පවතින බව මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට දැන්වූ විට ඇය ප්‍රකාශ කර තිබෙනවා.