Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිට වෙලා

3 years ago

ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15 වැනිදා) අවසන් වී පැය දෙකක් ගත වීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර දෙකම පිටවී ඇති බව වාර්තා වෙනවා.

එලෙස පිට වී ඇත්තේ අංක 218013 දරන දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රයයි.

2017 වසරේදී හඳුන්වා දුන් නීතියකට අනුව විභාගය නිම වී ප්‍රතිඵල පිටවන තෙක් වන මාස දෙකකට අධික කාලයේදී එම ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස්‍ය ලේඛන වන අතර ඊට පෙර එය ප්‍රසිද්ධියට පත් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා.

ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන සමයේදී මෙම නීතිය හඳුන්වා දී තිබෙනවා.

මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු මින් පෙර අවස්ථාවකදී විභාගයේ ලකුණු පටිපාටි පිට කිරීමට වැරදිකාරියක වූ ගාල්ල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම්ද නියම කර තිබෙනවා.