ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය යළි හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක්ද සිදුකර නොමැති බවයි.
මීට පෙර ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම් හල්වලින් ක්‍රියාත්මක කරන ලද QR ක්‍රමවේදය 2023 සැප්තැමබර් 01 සිට අහෝසි කරනු ලැබුවා.
ඊශ්‍රායල – පලස්තීන අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඇතැම් පිරිස් යෝජනා කළේ ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවට නැවත QR ක්‍රමවේදය හඳුන්වා දෙන ලෙසයි.

