ගාසා තීරයේ රෝහලකට බිහිසුණු ගුවන් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් ඇති බවයි.
ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ල අරාබි රෝහලට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ ගින්න හේතුවෙන් රෝහලේ සුන්බුන්, කැඩුණු වීදුරු සහ මිනිසුන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

