Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිරි දෙමින් සිටියදී තුන් මස් හැවිරිදි දියණිය ළිඳට වැටෙයි! දියණිය බේරා ගැනීමට මවත් ළිඳට පැනලා!

3 years ago

මවක් සිය මාස තුනක් වයස දියණිය සමග කටාරම්පුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ළිඳක වැටී සිටියදී ගොඩට ගෙන දෙදෙනාම ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කිරීමේදී ගැහැනු දරුවා මියගොස් ඇතැයි කොකාවැව පොලීසිය පවසනවා.

ළිදට වැටී සිටියදී ගොඩට ගත් මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මව සහ පියා පදිංචිව නිවසට නුදුරින් පිහිටි ගෙවත්තේ ඇති ළඳ ළඟට ගොස් දරුවාට කිරි දෙන අවස්ථාවේ මාස දෙකක් වයසැති දරුවා ළිඳට ඇද වැටුණු බවත් දරුවා ළිඳට වැටුණු නිසා දරුවා බේරා ගැනීමට තමාද ළිදට පැන්න බවත් මව සඳහන් කළේ.