මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ව්‍යාපාරික ජනක රත්නායක මහතාගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගෙන ඇති බව වාර්තාවනවා.
මෙම කප්පම් මුදල ලබා දී ඇත්තේ ඔහුව ඝාතනය කිරීමට ලබාදී ඇති කොන්ත්‍රාත්තුවක් ඉටු නොකිරීම සඳහායි.
ඩුබායිහි සැඟව සිටින බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයෙකු දුරකථනයෙන් අමතා ඔහුව ඝාතනය කිරීමට ලක්ෂ 80 කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එය ඉටු නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බවත් දැනුම් දී තිබෙනවා.
එම ඇමතුම අනුව ජනක රත්නායක මහතා තම කාර්යාලයේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් එම පුද්ගලයන්ට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

