Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් පාසල් සිසුවියක් මරුට

3 years ago

සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් සිසුවියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි සිසුවියක් බවයි සඳහන් වන්නේ.

මෙම සිසුවියට සර්පයා දෂ්ඨ කර ඇත්තේ වෙළඳසැලකට යන අතරතුරේ දී බවයි පැවසෙන්නේ.

ප්‍රතිකාර සඳහා රෝහලට ගිය අවස්ථාවේ දි මව මේ පිළිබඳව නොදැන සිසුවියට ගැස්ටීක් රෝගය යැයි සිතා ඖෂධ ලබා දී තිබෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී දැරිය මියගිය බව දැරියගේ මව පවසනවා.