නුගේගොඩ ගම්සභා හන්දියේදී බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
වාර්තා වන්නේ අනතුරින් කිහිපදෙනකු තුවාල ලබා ඇති බවය.
හෝමාගම සිට කොටුව බලා ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
වැඩිදුරටත් වාර්තාවන්නේ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවය.
බස් රථයේ රියදුරා මාර්ග සංඥා පුවරුවේ රතු එළිය දැල්වී ඇති අවස්ථාවේ බස් රථය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

