Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුරූපී තරුණියක් දින ගණනක සිට අතුරුදහන්! මවගෙන් ආයාචනයක්!

3 years ago

ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සුරූපී තරුණියක් අතුරුදහන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියක්. පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවයි, ඇයගේ දෙමව්පියන් පවසන්නේ.

මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බවත් තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී තිබෙන බවත් ඇයගේ දෙමව්පියන් පවසනවා.

ඇගේ මව මෙසේ ද පවසනවා.”තවම ඇය ගැන තොරතුරක් නැහැ. අපි මේ බලාගෙන ඉදලා බැරිම තැන තමයි මාධ්‍යට කිව්වේ. මගේ දුව ව කවුරුහරි දැකලා තියෙනවා නම් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”