2018 වසරේදී කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව ප්‍රසිද්ධ මැණික් ව්‍යාරිකයෙකු වන ප්‍රියාන් මැණික් අධිකරණයට භාර වී තිබෙනවා.
ඒ මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර කරනු ලැබූ නියෝගයකට අනුවයි.
2018 වසරේ ගාලුමුවදොර ආසන්නයේදී සිය මෝටර් රථය තුළදී 43 හැවිරිදි කාන්තාවක් අතවරයට ලක් කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව මොහුට විරුද්ධව නඩු පවරා තිබුණා.
වසර කිහිපයක් අදාල නඩුව විභාග වූ අතර නීතිපතිවරයාගේ මතය විමසිමෙන් අනතුරුව මෙම ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.(hiru news)

