Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වැසී යාමේ අවදානමක්

3 years ago

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් වල ඉන්ධන අලෙවිය 20%කින් පමණ පහළ ගොස් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

තරගකාරීත්වය ඇති කිරීමට යැයි කියමින් විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කළ පසු එක් සමාගමක් සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් හතකින් අඩුකර අලෙවි කරන බව ඔවුන් සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අවශ්‍ය නම් “සිපෙට්කෝ” ඉන්ධන ලීටරයක මිලත් රුපියල් හතකින් හෝ ඊට ආසන්න ගණනකින් පහළ දැමිය හැකි බවද ඔවුන් පවසයි.

නමුත් පරණ ණය ගෙවීමට අවශ්‍ය නිසා සිපෙට්කෝ මිල සතයක්වත් අඩු නොකරන බවට අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

මේ ආකාරයට ගියහොත් සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යාමේ අවධානම ඇති බවයි බෙදුම්කරුවන්ගේ සංගමය පැවසූවේය.