මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර යන පළාත්වලට අද(22) රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8 කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, කලුතර, නුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටයි මෙම අනතුරු ඇගවිම් නිවේදන නිකුත් කර ඇත්තේ.

