Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිය නෑමට ගිය මව හා පුංචි පුතු ළිඳට වැටී මිය යයි

3 years ago

වාරියපොළ, වල්පොළ ප්‍රදේශයේ මවක් සහ ඇයගේ පුංචි පුතු ළිඳට වැටී මියගොස් තිබෙනවා.

මව සහ දරුවා ඊයේ (22) සවස දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් සොයාබලා තිබෙනවා.

එහිදී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේ මෘත ශරීර සොයාගෙන ගොඩට ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි ලක්මාලි වීරසිංහ සහ කෝවිද සාරමිත් නැමති පුංචි පුතුය.

මියගිය පුංචි පුතුගේ හත් වන උපන්දිනය හෙට (24) දිනට යෙදී ඇති බවද වාර්තා වේ.

මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා නාවික හමුදාවේ සේවය කරන අයෙකි.