Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වමනය දැමීමට බසයෙන් එළියට හිස දැමූ කාන්තාව ජීවිතක්ෂයට

3 years ago

මින්නේරිය හබරණ ප්‍රදේශයේ 38 වන සැතපුම් කණුව අසන්නේ කාන්තාවක් වමනේ දැමීමට හිස එළියට දැමිමේ දී ඉදිරියෙන් පැමිණි ලෝරි රථයක ගැටී බරපතළ තුවාල ලබා එම කාන්තාව මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කතරගම සිට අනුරාධපුර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ගමන් කරන අතරතුර මෙම අනතුර සිදු ව තිබෙන්නේ.

පොලිසිය පැවසුවේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.(hiru)