Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 420ක් වංචා කළ විශ්‍රාමික විදුහල්පතිනිය

3 years ago

ගුරුවරුන්ට ලබාදෙන ගුරු ණය යෝජනා ක්‍රමය සඳහා ගම්වැසියන්ගේ තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලේඛන මගින් රුපියල් හාරකෝටියකට අධික මුදලක් වංචා කළ බව කියන විශ්‍රාමික විදුහල්පතිවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන ඇත.

හිඳගල, හිල්ඔය පදිංචි 69 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය වෙත ලද පැමිණිල්ලක් මතය.

මෙම විදුහල්පතිවරිය මහනුවර ප්‍රාදේශිකයේ මහනුවර දෙල්තොට කේ.ඩී.සී. සහ ගම්පොළ යන ශාඛාවලට ව්‍යාජ ලේඛන සකස් කර ඉදිරිපත් කර අවස්ථා විසි හයකදී මෙම මුදල වංචා කර ඇතැයි චෝදනාව වී ඇත. ඇය විසින් දැනට කර ඇති වංචාව රුපියල් හාර කෝටි විසි ලක්ෂ පනස් දාහක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය බැංකුවක් විසින් ගුරුවරුන් හට හඳුන්වා දුන් ගුරු ණය යෝජනා ක්‍රමය යටතේ ණය ගැනීමට මෙම විදුහල්පතිවරිය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තිබේ. ගුරුවරුන් ලෙස ගමේ හිතවතුන්ගේ තොරතුරු ඇතුළත් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇතැයි මෙහිදී හෙළිවී තිබේ. එහිදී වරකට රුපියල් ලක්ෂ තිහ, ලක්ෂ පහළොව, ඇතුළු ගණන් ණය වශයෙන් ලබාගෙන තිබේ.