ජාතියේ යශෝරාවය ලෙස විරුදාවලිය ලත් නන්දා මාලනියන් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් මේ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇතැයි සමාජ මාධ්‍යයේ සංසරණය වන තොරතුරු සහ පුවත් අසත්‍යය යැයි වගකීමෙන් ප්‍රකාශ කරන බව ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ මහතා සඳහන් කරනවා.
ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.
ඇය යම් අසනීප තත්වයකින් පසුවන බව සත්‍යයක් වුවත්, මේ වනවිට බොහෝ සේ සුව ලබා ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, සමාජ මාධ්‍යයන්හි පවසන ආකාරයෙන් ආසාධ්‍ය තත්ත්වයකින් ඇය පසු නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.


