Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තාවන්ට රාත්‍රී කාලයේත් සේවය කිරීමට අවසර

3 years ago

කඩ සහ කාර්යාල සේවක (රැකියා නියාමනය සහ වේතන නියාමනය) පනතේ අංක 1954 සංශෝධන කිරීම සඳහා කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට හැකි වන පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

තොරතුරු තාක්‍ෂණය, දැනුම ක්‍රියාවලි බාහිරින් ලබා දෙන ආයතන, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා දෙන ආයතන සහ වෙනත් රටවල පිහිටි ව්‍යාපාරික ආයතන සඳහා ගිණුම්කරණය, පරිපාලනමය සහ තාක්‍ෂණික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන කාර්යාලවල කටයුතු කරන කාන්තාවන්ට රාත්‍රී සේවා මුරවල යෙදීමට මෙම සංශෝධනය ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද සාප්පු සහ කාර්යාල සේවකයින්ගේ (රැකියා නියාමනය සහ වේතනය) පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා.