පූගොඩ ප්‍රදේශයේ සැමියකු විසින් පෙරේදා (23) සිය බිරිඳව ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 46ක පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
ඇගේ සැමියා නිවසේ මුළුතැන්ගෙය තුළදී බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහුද නිවසට මීටර 300 ක් පමණ දුරින් පිහිටි කුරුඳු වත්තකදී ගෙල
වැළලාගෙන සිය දිවි නසාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පුගොඩ පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
