Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට 20,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි

3 years ago

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියා.

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහද ඊයේ ගුරු විරෝධතාවට එල්ල වූ ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය හෙලා දකිමින් එහිදී අදහස් පළ කළා.

සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක එම මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අවශ්‍ය බවයි.