Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන්ගේ දැඩි විරෝධයක්! තණ පිඩලි අල්ලන්න ආ ඇමතු රොෂාන් ඇතුළු පිරිසක් හැරී යයි!

3 years ago

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ උත්සවයක් සඳහා සහභාගීවීමට ඊයේ (25) එම ස්ථානයට පැමිණි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ගුරුවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ආපසු හැරී යෑමට සිදුව තිබෙනවා.

එම පාසලේ ක්‍රීඩා පිටියේ තණ පිඩලි ඇල්ලීමේ ‍දෙවන අදියර උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් ඇතුළු පිරිස පාසල අසළට පැමිණි ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් පෙරේදා දිනයේ කොළඹ පැවති ගුරු විරෝධතාවයට පොලීසිය අමානුෂික ලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් පැවති මෙම විරෝධතාවය හේතුවෙන් අදාළ මැති ඇමතිවරුන් පිරිස ආපසු හැරී ගිය බවයි වාර්තා වන්නේ.

පසුව නිලධාරීන් පිරිසක් පමණක් පැමිණ අදාළ තණ පිඩලි ඇල්ලීමේ උත්සවය පවත්වා තිබෙනවා.