Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මවට නොසැලකූ බවට චෝදනා එල්ල වූ පුතෙක් සියදිවි නසාගනී! සිද්ධිය දැනගත් මවත් මියයයි!

3 years ago

මවට නොසැලකූ බවට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ බැණ වැඳීම හේතුවෙන් සිත්තැවුලෙන් සිටි මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුතෙකු සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වනවා.

ඥාතීන් පවසන්නේ, සිද්ධිය දැනගැනීමෙන් පසුදින මවද මියගිය බවයි.

අදාළ පුද්ගලයා පදිංචිව සිටියේ මාතර පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්මිල්ගොඩ 262 D ග්‍රාමසේවක වසමේය.

ඔහු පසුගිය සඳුදා සියදිවි හානිකරගෙන තිබුණි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ,

“ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන්වලා මිනිස්සු ඉස්සරහා මහත්තයාට බැනලා තිබුණා. එයා ගෙදර ඇවිත් කිව්වා බැන්නා කියලා. හිතේ අමාරුවෙන් හිටියේ.”

ඔහුගේ මව 90 වැනි වියේ පසුවූ කාන්තාවකි.

ඇය ජීවත්ව තිබුණේ ඇගේ මහගෙදර වන අතර ඒ සිය දියණිය සමගිනි.

නමුත්, සහෝදරියගේ වධ හිංසා දරාගත නොහැකිවීම නිසා ඔහු මව තමාගේ නිවසට රැගෙනවිත් රැක බලාගෙන තිබුණි.

ගම්වාසීන්, “අපි ඇස් දෙකෙන්ම දැක්කා.. පුතා හොඳට අම්මට සැලකුවා” යනුවෙන් පැවසීය.

කෙසේවෙතත් සහෝදරයා වන බන්දුසේන මවට නොසලකන බවට ඔහුගේ සහෝදරිය ග්‍රාම නිලධාරීවරයාට පැමිණිල්ලක් කර තිබුණි.

මෙම සිද්ධියෙන් පසු දුකට පත්වී සිටි බන්දුසේන ඒ බව සිය බිරිඳට පවසා තිබුණි.

සිදුවීම සිදුවූ දින පස්වරුවේ සිට බන්දුසේන නිවසේ නොමැති නිසා ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඔහුගේ බෑනා ඒ පිළිබඳව ෆේස්බුක් සටහනක්ද තබා තිබුණි.

නමුත්, පසුදා උදෑසන ඔහුගේ සිරුර සොයාගැණුනේ නිවස ආසන්නයේ තිබූ කැළෑ ප්‍රදේශයෙනි.

සිය පුතණුවන්ගේ අභාවය දැනගත් මවද පසුගිය අඟහරුවාදා මොරවක දිස්ත්‍රික් රෝහලේදී අවසන් ගමන් ගියාය.