Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එංගලන්ත කණ්ඩායමට කලකට අමතක නොවන පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ පිමි 2ක් ඉදිරියට

3 years ago

පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතා හා පැතුම් නිස්සංක හා සධීර සමරවික්‍රමගේ විශිෂ්ඨ සබඳතාවය හමුවේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් කඩුළු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(26) සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 33.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 156 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

කුසල් පෙරේරා ලකුණු 4කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 11 කටත් දැවී ගිය පසුබිමක සධීර හා පැතුම් තෙවැනි කඩුල්ලට ශතක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය.

පිට පිට ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් විය.