Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“ජනතාව පුදන පඬුරු දෙයියන්ටත් නෑ, කපුවන්ටත් නෑ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ගන්නවා” – පඬුරු සල්ලි ඉල්ලා කපු මහතුන් දේවාලයේ තොරණට නගී!

3 years ago

සීනිගම දේවාලයේ කපුවන් විසින් ඊයේ දිනයේ එම දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

ඔවුන් සඳහන් කරන්නේ බැතිමතුන් විසින් ලබාදෙන තුටු පඬුරු ඇතුළු තමන්ට හිමි දෑ දීමනා ලබා දිය යුතු බවයි.

විරෝධයේ යෙදුණු එක කපුවෙක් දේවාලයෙන් මකර තොරණ උඩ නැග සිය විරෝධය පළ කළේය.

මේ වන විට සීනිගම දේවාලය බෞද්ධ කොමසාරිස්වරයාගේ පාලනයට නතු කර ඇති අතර එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් දේවාලයට ලැබෙන පඬුරු මුදල් සියල්ල ලබාගන්නා බවට කපුවන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ ජනතාව පූජා කරන පඬුරු මුදල් කපුවන්ට හිමි නොවීම හේතුවෙන් ඒවා පූජා කරන ජනතාව සිත් තැවුල්වලට ලක් වන බවයි.

එමෙන්ම මාස දෙකක කාලයක් තිස්සේ තමන්ට හිමි දීමනා ලබාදී නැති බවත් දේවාලයේ කපුවන් කියා සිටිති.

තම ඉල්ලීමට විසඳුමක් ලැබෙන තෙක් විරුද්ධතාවයේ යෙදෙන බවත් එතෙක් දේවාලයේ වතාවත් වලින් බැහැරව සිටින බවද ඔවුන් කියා සිටිති.