පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.
මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ මහල් කිහිපයකින් යුත් වෙළඳසැලක් වන අතර ගින්න අවට වෙළඳසැල් වෙත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව සමග එක්ව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

