Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දියණියන් දෙදෙනාගේ පහර කෑමට ලක් වූ 85 හැවිරිදි මවක් රෝහල්ගත කරයි

3 years ago

දියණියන් දෙදෙනෙකු විසින් 85 හැවිරිදි තම මවට පහර දී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක් වූ මව මේ වන විට කෑගල්ල මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම දියණියන් දෙදෙනා විසින් පියා ජීවත්ව සිටියදි ඇඟිලි අත්සන යොදා හොර රහසේම මහගෙදර සහ ඉඩම ලියාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

දරුවන් නොසැලකීම නිසා අසල්වැසියන් විසින් මෙම මවට අහාර ලබා දී ඇති අතර ඇයට නොසලකන ලෙස දියණියන් දෙදෙනා අසල්වැසියන්ටද පවසා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මව පවසන්නේ තමා ජීවත්ව සිටින තෙක් නිවසේ රැඳී සිටීමට අවසර ලබා දෙන ලෙසයි.