අග්බෝ හස්තියා අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ දී යලිත් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ මීට සතියකට පමණ පෙර එම හස්තියා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට විශ්වාස කරන බවයි.
අග්බෝ හස්තියාගේ සිරුරේ උණ්ඩ පහක් පමණ තිබී ඇති අතර එම තුවාල සදහා වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.
විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලයක් සහිත අඩි 10ක් උසැති අග්බෝ පසුගිය ජුනි මාසයේ දී බදින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයකට බරපතළ තුවාල ලබා සිටියදී සොයා ගැනුණා.

