එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතිශය තීරණාත්මක අදියරකට පත්ව තිබෙනවා.
ඒ අනුව දැන් කිසියම් කණ්ඩායමක ජය මෙන්ම පරාජයද තවත් කණ්ඩායම් කිහිපයකම ලෝක කුසලානයේ ඉදිරි ගමනට බලපාන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
නවසීලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ඊයේ ලැබූ තියුණු ජය හේතුවෙන් දැන් තරගාවලිය බොහෝ කණ්ඩායම් වෙත විවෘත වී තිබෙනවා.
දකුණු අප්‍රිකාව හා ඉන්දියාව දැන් සිටින්නේ ආරක්ෂිත ස්ථානයකයි.
එහෙත් නවසීලන්ත පරාජයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පවතින අවධානම ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, මෙතෙක් දක්ෂතා අතර සිටි නවසීලන්තයටද මෙම පරාජයත් සමඟ අතිරේක පීඩනයක් එල්ල වීම කැපී පෙනෙන තත්ත්වයක්.
අද පැවැත්වෙන ඉන්දියා – එංගලන්ත තරගයෙන් යම් හෙයකින් ඉන්දියාව ජය ගත හොත් එංගලන්තය තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.
එංගලන්තය ජය ගත හොත් ඔවුන්ට තවදුරටත් ලෝක කුසලානය කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව පවතිනවා.
ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය පරාජය කර විශේෂයෙන් නවසීලන්තය පරාජය කල හොත් සුපිරි කණ්ඩායම් 04 අතරට පිවිසීමට වැඩි අවස්ථාවක් උදාකර ගැනීමට හැකිවනු ඇති.
ඊයේ පැවති තරගයෙන් බංග්ලාදේශය පරාජය වීම හේතුවෙන් ඔවුන්ට බොහෝ දුරට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.
තරගය ජය ගත් නෙදර්ලන්තයට තරගාවලියේ ඉදිරිය පිළිබඳ දැන් තවත් බලාපොරොත්තුවක් තබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
දැන් පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් කිහිපයකට ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අනුව දල ලකුණු වේගය මත කණ්ඩායම් කිහිපයක අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තීරණය වනු ඇත.
